කිතුල් රා බලපත්‍ර නිකුත් කිරීම
අවශ්‍ය ලේඛන
- ඉල්ලීමේ ලිපිය
- ග්‍රාම නිලධාරි නිර්දේශය
- පොලිස් ස්ථානාධිපතිගේ නිර්දේශය
- සුරාබදු ස්ථානාධිපතිගේ නිර්දේශය
- බලපත්‍රය නිකුත් කරන ඉඩමට අදාල ඔප්පුවේ සහතික කල පිටපත
- රා මැදීම වෙනත් අයකු විසින් කරනු ලබයි නම්, ඒ සඳහා ඉඩම් හිමියාගේ විරෝධතාවයක් නොමැති බව සඳහන් කරන ලද ලිපිය (ග්‍රා.නි සහතික කල යුතුයි)
**එක් ගසක් සඳහා ගාස්තු - රු. 50
ගිනි අවි බලපත්‍ර
අව්‍යශ ලේඛන
- ගිනි අවි බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා නිර්දේශ ඉල්ලා දිස්ත්‍රික් ලේකම් විසින් එවනු ලබන ඉල්ලීම් ලිපිය හා අදාල අයදුම්පත
- අදාල ඉඩමේ /ඉඩම්වල ඔප්පුව
- ග්‍රාම නිලධාරි වාර්තාව(පුද්ගලයා/ඉඩම්/භෝග පිළිබඳ වාර්තා)
ඉඩම් හා භෝග පිළිබඳව පහත සඳහන් වාර්තා (අදාල පරිදි)
- රබර් හා පාලන දෙපාර්තමේන්තුව (රබර් වගාවන්ට වන හානි පිළිබඳ වාර්තා)
- ගොවිජන සේවා මධ්‍යස්ථානය (කෘෂිකාර්මික වගාවන්ට වන හානිය පිළිබඳ වාර්තා)
- පොල් වගාව සඳහා (පොල් වගා කිරීමේ මණ්ඩලය)
අවශ්‍ය සුදුසුකම්
- අයදුම්කරුට අක්කර 05ට වඩා වගා කල ඉඩමක් තිබීම
- වගාවට සතුන්ගෙන් හානි වීම
- වයස අවුරුදු 65ට වඩා අඩුවීම
- ගිනි අවියක් පාවිච්චි කිරීමට ශාරීරික ආබාධයන් රහිත වීම
වෙනත් අයෙකු වෙත වාහනයක් පැවරීම
අව්‍යශ ලේඛන
- වාහනයේ ලියාපදිංචි සහතිකය
- නිවැරදිව සම්පූර්ණ කරන ලද ආකෘති පත්
- ආදායම් බලපත්‍රයේ සහතික කරන ලද ඡායා පිටපතක්
- ජා.හැ. පත්‍රයේ /රියදුරු බලපත්‍රයේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ සහතික කරන ලද ඡායා පිටපතක් (පැවරුම්ලාභියාගේ)
- පරම අයිතිය/උකසක් ඇත්නම් ගෙවා අවසන් බවට මුල් ලිපිය
- ග්‍රාම නිලධාරි හෝ අදාල ප්‍රදේශයේ සාම විනිසුරුවරයකු විසින් සහතික කරන ලද උඩුකය ඡායා පිටපත් 02 (අගල් 2*2 1/2)
- පදිංචි සහතිකය
** මෙම ලියකියවිලි අප කාර්යාලයෙන් භාරගත් පසු ප්‍රාදේශීය ලේකම් මඟින් අත්සන් කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට යවනු ලබන අතර එහිදී ඉදිරි කටයුතු සිදු කර අදාල ඉල්ලුම්කරුගේ පුද්ගලික ලිපිනයට වාහනයේ ලියාපදිංචි සහතිකය ලැබීමට සලස්වයි.
වාණිජමය නොවන කාර්යයන් සඳහා වැලි, පස්, බොරළු කැණීම්/ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම
අව්‍යශ ලේඛන
- අයදුම්පත්‍රයේ ඔබගේ කොටස නිවැරදිව පුරවන්න
- ඉල්ලීම් ලිපියක් සහ ඉදිකරනු ලබන/ඉදිකර ඇති නිවසේ සැලැස්මේ පිටපතක් ද සමඟ වසමේ ග්‍රාම නිලධාරි හමුවන්න
- වරකට/මසකට වැලි කියුබ් 02ක් දක්වා පමණක් බලපත්‍ර නිකුත් කරනු ලබයි
- සතියේ සඳුදා බදාදා සිකුරාදා යන දිනවල පෙ.ව.06.00 සිට ප.ව. 06.00 දක්වා වලංගු වන පරිදි පමණක් බලපත්‍ර නිකුත් කරයි.
- වැලි කියුබ් 01 ක් සඳහා රු.451.80 ක්ද, බොරළු හා පස් කියුබ් 01ක් සඳහා රු.127.80 ක බලපත්‍ර ගාස්තුවක්ද අය කරනු ලබයි.















