මීට මාස දෙකකට පමණ පෙර රත්නපුර දිස්ත්‍රික්කයේ නව දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස වැඩ භාරගත් එම්.ජී. ලලිත් ආනන්ද මහතා, දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිරීක්ෂණය කිරීමට සහ ඒවායේ කටයුතු සිදු කරන ආකාරය නිරීක්ෂණය කිරීමට සැලසුම් කර තිබේ.
එම සැලැස්මේ තවත් පියවරක් ලෙස, 2026/08/04 දින ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ එහි ක්‍රියාකාරකම් නිරීක්ෂණයට ඔහු සහභාගී විය.
ගෞරවනීය හා සමෘද්ධිමත් රාජ්‍ය සේවයක් ගොඩනැගීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කිරීමට පෙළගැසෙන ලෙස සියලුම නිලධාරීන් අමතා දිස්ත්‍රික් ලේකම්තුමා විසින් ඉල්ලා සිටින ලදී. එසේම රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් අමිල විජේරත්න සහ රත්නපුර දිස්ත්‍රික් ඉංජිනේරු ටී.එස්. අමරසිංහ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්වූහ.


















