ආයතන අංශය
ඉඹුල්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙන්නේ කෙසේද?
- බලංගොඩ නගරයේ සිට කිලෝ මීටර් 8 බදුල්ල දෙසට පැමිණ අලුුත්නුවර හන්දියෙන් දකුණට හැරී, දේවාල මාර්ගය හරහා මීටර් 300 පමණ දුරින් හමුවන පළමු තුන්මං හන්දියෙන් වමට හැරී මීටර් 50 පමණ ඉදිරියට යන විට ඉඹුල්පෙ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හමුවේ.
- බසයේ පැමිණෙන්නේ නම් කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ අලුත්නුවර හන්දියෙන් බැස, දේවාල මාර්ගයට පිවිස කාර්යාලය වෙත පැමීණිය හැක.
ග්‍රාම නිලධාරි වසම් අංක පිළිබඳ විමසීම
- මෙම කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් 50 සඳහා ග්‍රාම නිලධාරී වසම් අංක පහත පරිදි වේ.
- .
ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේදී අයිතිකරු පැමිණිය යුතුද?
- මේ සදහා අදාල ව්‍යාපාරයේ හිමිකරු පැමිණීම අනිවාර්ය වන අතර ජාතික හැදුනුම්පතද රැගෙන ආ යුතුය.
මරණයට පත් තැනැත්තෙකුගේ බැංකු ගත මුදල් හා උකස් තබන ලද භාණ්ඩ සම්බන්ධ කටයුතු කිරීමේදී රැගෙන ආයුතු ලේඛන මොනවාද?
- මියගිය තැනැත්තාගේ මරණ සහතිකය
- අයදුම්කරුට ඇති නෑකමට අදාල ලේඛන (උප්පැන්න සහතික, විවාහ සහතික)
- වෙනත් සාමාජිකයන් සිටී නම් අයදුම්කරුට මුදල් හෝ භාණ්ඩ ලබා දීමට ඔවුන්ගේ විරෝධතාවයක් නොමැති බව දිවුරුම් ප්‍රකාශන
- ජාතික හැදුනුම්පත.
සමාජ සේවා අංශය
ගර්භණී මව්වරුන්ට ලබා දෙන රු. 20,000/= පෝෂණ දීමනාව ලබා ගන්නේ කෙසේද?
- ගැබ් ගෙන මාස 3ක් ඉක්මවීමට පෙර ඔබ සහභාගී වූ මාතෘ සායනය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරී හෝ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන නිලධාරියාගෙන් අයදුම්පතක් ලබා ගත හැකිය.
- නිසි පරිදි අයදුම්පත්‍රය සම්පූර්ණ කර මාතෘ සායන පොතෙහි සහතික කළ පිටපතක් සමඟ ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය සමාජ සේවා අංශය වෙත භාරදිය යුතුවේ.
- එමෙන්ම දරු ප්‍රසූතියට පෙර අයදුම්පත්‍රය භාරදීම අවශ්‍ය වන අතර එම අයට මාස 10ක් සඳහා රු.2000 ක් බැගින් වන පෝෂණ මුද්දර හිමිවේ.
- දරු ප්‍රසූතියෙන් පසුව ලැබෙන අයදුම්පත්‍ර සඳහා මාස 04 සඳහා රු.2000 ක් බැගින් වන පෝෂණ මුද්දර හිමිවේ.
අධ්‍යාපන ආධාර ලබා ගත හැකි අය කවුරුන්ද?
- දරුවන්ගේ පියා මියගොස් ඇති හෝ සුව කළ නොහැකි ආබාධයකින් පෙළේ නම් පාසැල් යන දරුවන්ට ශිෂ්‍යාධාර ලබා ගත හැකිය.
රාජ්‍ය නොවන සංවිධානයක් ලියාපදිංචි කරන්නේ කෙසේද?
- ආරම්භ කර වසරක් ඉක්ම වූ රාජ්‍ය නොවන සංවිධාන පහත ලේඛන ලබා දීමෙන් පසුව ලියාපදිංචි කරනු ලබයි.
1. ලියාපදිංචි වීම සඳහා අයදුම්පත හා ඉල්ලීම් ලිපිය
2. ස්වේච්ඡා සමාජ සේවා සංවිධානයේ රීතිවල සත්‍ය පිටපත් (ව්‍යවස්ථා මාලාව)
3. සංවිධානයේ නිලධාරි මණ්ඩලය තෝරා පත් කරගන්නා ලද මහා සභා රැස්වීම් වාර්තාව හා පැමිණීමේ ලේඛණය
4. සාමාජික නාම ලේඛණය
5. සමිතියේ නිලධාරි මණ්ඩලයේ විස්තර
6. පිළිගත් විගණකවරයෙකු/ සමුපකාර පරීක්ෂකවරයෙකු විසින් සහතික කරන ලද ශේෂ පත්‍ර ඇතුළු අළුත්ම ගිණුම් ප්‍රකාශයේ සත්‍ය පිටපතක්
7. ඉදිරි වර්ෂය සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන
8. ආවරණය වන ප්‍රදේශය දැක්වෙන සිතියම
9. අනුයාත රැස්වීම් වාර්තා 03ක් හා පැමිණීමේ නාම ලේඛණ
10. බැංකු පොතේ පිටපතක්
(ඉහත ලිපි ලේඛණ සමිතියේ ලේකම් හා සභාපතිවරයා විසින් සත්‍ය පිටපතක් බව සහතික කර තිබිය යුතුය.)
සමෘද්ධි ප්‍රතිලාභය අලුතින් ලබා ගත හැකිද?
- දැනට නව ප්‍රතිලාභීන් තෝරා නොගන්නා අතර ඉදිරියේදී සලකා බැලීම සදහා අභියාචනා භාර ගනු ලැබේ.
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශය
උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ පිටපත් ලබා ගන්නේ කෙසේද?
- උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ අංකය හා දිනය දන්නේ නම් රුපියල් 100ක්ද,
- උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ අංකය හා දිනය නොදන්නේ නම් රුපියල් 200ක්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවා සහතික පත් ලබා ගත හැකිය.
- මෙහිදී රත්නපුර දිස්ත්‍රික්කයේ සිදු වූ උපතක් හෝ විවාහයක් හෝ මරණයක් නම් පමණක් (1960-2010) මෙම කාර්යාලයෙන් අදාල සහතිකපත් ලබා ගත හැකිය.
උපත් ලියාපදිංචි කරන්නේ කෙසේද?
- සාමාන්‍ය උපතක් ලියාපදිංචි කිරීම සඳහා උපත සිදු වී මාස තුනකට කලින් අදාළ කොට්ධාශයේ උප්පැන්න ලියාපදිංචි කිරිමේ රෙජිස්ට්‍රාර්වරයකු මුණ ගැසී උපත ලියාපදිංචි කර ගත යුතුය.
- මාස තුනක් පසුවූ උප්පැන්න ලියාපදිංචි කිරීම සඳහා අතිරේක දිස්තික් රෙජිස්ට්‍රාර් මුණ ගැසී අදාළ තොරතුරු ලබා ගන්න.
උප්පැන්න සහතිකයේ සංශෝධන කටයුතු සිදු කරන්නේ කෙසේද?
- අදාළ ලියකියවිලි රැගෙන අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් මුණගැසෙන්න.
- උප්පැන්න හෝ මරණ සහතිකයේ අංකය හෝ ලියාපදිංචි කළ දිනය දන්නේ නම් රු.100/=
- විවාහ සහතිකයේ විවාහ වූ දිනය දන්නේ නම් රු.100/=
- උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ අංකය හෝ ලියාපදිංචි කළ දිනය නොදන්නේ නම් රු. 200/=
විශ්‍රාම වැටුප් අංශය
සිවිල් විශ්‍රාමිකයා මිය ගිය පසු වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සාදා ගන්නේ කෙසේද?
- පළමුව විශ්‍රාමිකයාගේ මරණ සහතිකය ලබා ගෙන විශ්‍රාම වැටුප නතර කිරීම.
- වැඩිපුර මුදලක් තිබේ නම් එය ගෙන්වා ගැනීමට බැංකුවට ලිපි දැමීම.
- පසුව අදාල පුද්ගලයා පහත සඳහන් ලිපි ලේඛන රැගෙන එන ලෙස දැනුම් දීම.
-
- සම්පූර්ණ කරන ලද ග්‍රාම නිලධාරි මඟින් සහතික කරන ලද PD 04 මූලාශ්‍ර ලේඛනය
- විශ්‍රාමිකයාගේ මරණ සහතිකයේ මුල් පිටපත
- වැන්දඹුවගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත
- විවාහ සහතිකයේ මුල් පිටපත
- වැන්දඹුවගේ බැංකු පොතේ ඡායා පිටපතක්
- වැන්දඹුවගේ හැදුනුම්පතේ ඡායා පිටපතක්
- වැන්දඹු අනත්දරු කාඩ්පතේ ඡායා පිටපතක් හෝ වැන්දඹු අනත්දරු අංකය
- ග්‍රාම නිලධාරි විසින් සහතික කරන ලද පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ජායාරූපයක්
- වැන්දඹුවගේ නම්වල වෙනසක් පවති නම් දිවුරුම් ප්‍රකාශයක්
- ඉහත ලියවිලිවල ඡායාපිටපත් සියල්ල ග්‍රාම නිලධාරී විසින් සහතික කල යුතුය.
- අවු. 26ට අඩු අවිවාහක ආබාධිත දරුවන් සිටී නම් ඔවුන්ගේ උප්පැන්න සහතිකවල මුල් පිටපත
- අනතුරුව ඔවුන් අදාල තොරතුරු ලබා දුන් පසු ලිපිගොනුව රැගෙන වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සෑදීමට අවශ්‍ය කටයුතු කිරීම.
විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප නතර කර ඇත්තේ ඇයි?
- අදාල වර්ෂය සඳහා ජීවිත සහතිකය ලබා නොදීම නිසා විශ්‍රාම වැටුප නතර කිරීම.
- විශ්‍රාමිකයා මිය ගිය පසු නතර කිරීම.















