ජාතික උප්පැන්න ලබාදීමේ වැඩසටහන
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති E - ජනගහන වැඩසටහනට සමගාමීව "උරුම පතට ඩිජිටල් ප්‍රවේශයක්" ඩිජිටල් ක්‍රමය යටතේ ඉඹුල්පේ කොට්ඨාසය තුළ ජාතික උප්පැන්න සහතිකය නිකුත් කිරීම
2025/06/25 වන දින රත්නපුර දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජී.එස් නිශාන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කාර් යාලයේදී ඇරඹිණි.
මෙහිදී 2021 සිට 2025 වර්ෂය දක්වා උපන් දූ දරුවන් 60 දෙනෙක් සඳහා ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කරන ලදී




















