අපගේ දැක්ම

සේවා සැපයීම තුළින් විශිෂ්ඨත්වයට.

අපගේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගිත්වයෙන් යුත් කාර්යක්ෂම තිරසාර හා සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම
 

ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආරම්භය

දිස්ත්‍රික් පරිපාලනය ප්‍රතිසංවිධානය කිරීම නව ප්‍රාදේශීය ආදායම් නිලධාරී කොට්ඨාස පිහිටුවීම යට‍තේ රාජ්‍ය පරිපාලන පළාත්පාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්ගේ අත්සනින් යුතුව රත්නපුර දිසාපති වෙත යොමු කරන ලද අංක ABK/B/67/58(33) හා 1971.10.13 ලිපියට අනුව ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිහිටුවීමේ මූලික කටයුතු අරඹා ඇත.
බලංගොඩ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මල්ලිකා රත්වත්තේ මැතිණියගේ යෝජනාවකට අනුව කහවත්ත සෙන්ට්‍රල් ටෙක්ස් ටයිල්ස් අධිපති එස්.එම්.එප්.කාදර් මහතාට අයිති වසර 50ක් පමණ පැරණි තේ වගාවකින් යුත් අලුත්නුවර වත්ත හෙවත් කෝපිවත්ත නම් වූ ඉඩමෙන් අක්කර දෙකක් රජයට පවරා ගැනීමෙන් පසුව කාර්යාල ගොඩනැගිලි ඉදි කිරීම ආරම්භ කොට ඇත.
එහෙත් නියමිත දිනට නව කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීමට අපොහොසත්  වූ නිසා 1971.07.01 දින සිට බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ම කොටසක ඉඹුල්පේ  ප්‍රාදේශීය  ලේකම් කාර්යාලය පවත්වා ගැනීමට කටයුතු යොදා ඇත. මෙම කාර්යාලයේ ආරම්භක ප්‍රාදේශීය ආදායම් නිලධාරිණිය වූයේ පී.එම්.පී. ජයවර්ධන මහත්මියයි. නව ගොඩනැගිල්ල 1974.09.19 දින භාරගත් අතර එම ගොඩනැගිල්ලේ කාර්යාල කටයුතු ආරම්භ කරනු ලැබුවේ 1975.05.21 දින සිට ය. එම ගැසට් නිවේදනය 1975 මැයි 23 දින අංක 165 දරණ ගැසට් පත්‍රයේ පළ විය.              

Scroll To Top