සහකාර ප්‍රාදේශිය ලේකම්තුමාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා සුභාසිංශන පිරිනැමීමේ උත්සවය
ඉඹුල්පෙ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේවය කර නුදුරු දිනකදී අධ්‍යාපන කටයුතු සඳහා ජපානය බලා පියවර තබන අපේ පොඩි සර් ට, ප්‍රාදේශිය ලේකම්තුමිය ඇතුලු සමස්ථ කාර්ය මණ්ඩලයේ සුභාසිංශන පතන්නෙමු.
එතුමා 2022.02.10 දින සිට පරිපාලන සේවයේ සහකාර ප්‍රාදේශිය ලේකම්වරයෙකු ලෙස පත්වීම් ලබා ඇති අතර 2025.08.22 දක්වා කාලය තුළ ඉඹුල්පෙ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේවය කරන ලදී.
සහකාර ප්‍රාදේශිය ලේකම්තුමා වෙත 2025.08.22 වන දින සුභාසංශන උත්සවයක් කාර්යලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.





















