නව වසර සැමරීම 2022
2022 නව වසරේ රාජකාරි ආරම්භය ප්රාදේශීය ලේකම්තුමියගේ ප්රධානත්වයෙන් සහ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් කාර්යාලීය පරිශ්රයේදී සාර්ථකව සිදු කරන ලදී.
මෙහිදී මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද පිරිත් සජ්ජායනයක්ද සිදු කල අතර ඉන් අනතුරුව කාර්ය මණ්ලයේ නිලධාරින් විසින් රාජ්ය ප්රතිඥාව ලබාදීමද, ප්රාදේශිය ලේකම් තුමිය විසින් කාර්ය මණ්ලය ආමන්ත්රණය කිරීම, පොල්තෙල් පහන පත්තු කිරීම, කිරි ඉතිර වීම මූලික අංග ලෙස සිදු කරන ලදී.තවද අප කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේ සහභාගීත්වයෙන් විශේෂ සංග්රහයක්ද භුක්ති විඳින ලදී.
එසේම සෞඛ්ය වෛද්ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්ය පරීක්ෂක නිලධාරිතුමා විසින් වර්තමාන කොවිඩ් තත්වය පිළිබඳ අප කාර්යාලයේ නිලධාරින් දැනුවත් කිරීම සිදු කරන ලදී.
තවද අප කාර්යාලයේ නිලධාරින් විසින් අලුත්නුවර කතරගම දේවාලය වැඳ පුදා ගෙන දේවාශිර්වාදය ලබාගැනීමටද කටයුතු කරන ලදී.
































