ජයග්‍රහණ
චිත්‍ර තරඟ ජයග්‍රහණය
බුද්ධසාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීම මත 2024 වසරේ පැවැත්වූ ජාතික සාහිත්‍ය හා කලා සම්මාන ප්රධානෝත්සවයේ, ආබාධ සහිත ප්‍රජාවගේ සාහිත්‍ය හා කලා නිර්මාණ තරගාවලියේ, චිත්‍ර තරඟයේ විවෘත අංශයේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට ඉඹුල්පේ සමනල ස්වශක්ති සංවිධානයේ කථන හා ශ්‍රවණ ආබාධ සහිත ටී.ඩී. දිළිණි නිසංසලා දැරිය සමත් විය.

විශේෂ අවශ්‍යතා ඇති අයගේ ක්‍රීඩා ජයග්‍රහණ
රත්නපුර දිස්ත්‍රික් ආබාධිත ක්‍රිඩා උළෙල 2025.02.14 වන දින පැවැත්විණි.
ඉඹුල්පේ සමනල ස්ව ශක්ති සංවිධානයේ විශේෂ අවශ්‍යතා සහිත අපේ ආදරණියන් විශිෂ්ඨ දක්ෂතා දැක්වීය. එහිදී ප්‍රථම ස්ථාන 08ක් සමග ජයග්‍රහණ 18ක් ලබා ගෙන දිස්ත්‍රික්කයේ ප්‍රමුඛතාව ලබා ගැනීමට ඉඹුල්පේ අපි සමත් විය
